කටුනායකින් රත්‍රන් ග්‍රෑම් 436ක් හොරෙන් ගෙනා හෝමාගම තරුණියක් පොලිස් භාරයට

Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී තීරුබදු රහිතව රත්‍රන් තොගයක් මෙරටට ගෙන ආ සැකකාරියක ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක උප ඒකකය විසින් සිදුකළ මෙම වැටලීමේදී ඇය සතුව තිබී රත්‍රන් ග්‍රෑම් 436ක් සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියකි. ඇයව ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය කාර්යාලය වෙත භාරදීමට නියමිත බව පොලීසිය පවසයි

Read more

Local News