මෙතෙක් එක් දිනක වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන

Share

ඊයේ (09)  දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් දිස්ත්‍රික්ක 23කින් වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

මෙරට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා විය.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 976 දෙනෙකු හඳුනාගැනුණි.

ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 252කි.

දින කිහිපයකට පසුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද දෛනික ආසාදිතයින් 200කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 227 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

Read more

Local News