මෙරටට මැදපෙරදිගින් එන ගුවන් ගමන් වාර ගණන ඉහළට

Share

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගැනීමත් සමඟ මැද පෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

 

බහරේනයේ ජාතික ගුවන් සේවය, ගල්ෆ් එයාර් ශ්‍රී ලංකාව වෙත නැවතත් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එළඹෙන 15 දා සිට එම ගුවන් සේවය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත සතියට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම ගුවන් සේවයේ නවතම එයාර් බස් ඒ-320 ගුවන් යානා යොදා ගනිමින් මෙම ගුවන් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර 1981 වසරේ සිට ගල්ෆ් එයාර් ගුවන් සේවය බහරේනය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළද කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබිය.

මේ අතර, එමිරේට්ස් ගුවන් සේවය ද ශ්‍රී ලංකාව වෙත සතියකට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හය දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන අතර එම අතිරේක ගුවන් ගමන් එළඹෙන 27 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News