ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදී සිට අත්අඩංගුවට පත්වන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් දැඩි නීති

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ ඉදිරියේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදී සිට අත්අඩංගුවට පත්වන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක වනු ඇති බවයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විදේශීය ධීවර යාත්‍රා පනතට මේ වනවිට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති අතර එය ගැසට් කිරිම සඳහා කතානායකවරයාගේ අනුමැතිය ද ලැබී ඇත.

එම පනත යටතේ නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වන විදේශීය ධීවර යාත්‍රා සඳහා රුපියල් මිලියන 1.5 සිට මිලියන 175 දක්වා දඩයකට යටත් කළ හැකිය. එමෙන්ම සිර දඩුවම වසරක් දක්වා දීර්ඝ කර තිබෙන බව ද ධීවර අමාත්‍යාංශය පවසයි.

Read more

Local News