මම කොවිඩ් එන්නත ලබාගන්නේ නෑ : අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

Share

රට තුළ පවත්නා කොරෝනා තත්ත්වය හමුවේ මෙම අවස්ථාවේ එන්නත ප්‍රථමයෙන් ලබාදිය යුත්තේ අවදානම් ප්‍රදේශවල ජනතාවට බවත් තමා කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

 

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ “මම තාම එන්නත ලබා ගත්තේ නෑ. මම හිතන්නේ අවදානම් ප්‍රදේශවල මිනිස්සුන්ට මුළින්ම මේක ලබාදෙන්න ඕනේ. අපි දේශපාලකයින්. හැම එකම මුල් වියයුතු නෑ. අපිත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපිවගේ කෙනෙකුට බෝ වුනොත් පැතිරීම වැඩියි. නමුත් මම පෞද්ගලිකව හිතුවා මේ වෙලාවේ අවස්ථාව තව කෙනෙකුට දෙන එක හොඳයි කියලා. මම ගොඩක් වෙලාවට පරිස්සමෙන් කටයුතු කරනවා.” යනුවෙනි

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ රට තුල පවත්නා වෛරස ව්‍යාප්තිය හමුවේ සියලු දෙනා සෞඛ්‍ය නීති උපදෙස් පිළිපැදිය යුතු බවයි.

Read more

Local News