ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හදුනාගැනීමේ නව වැඩසටහනක්

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී සේවය කරනු ලබන ආර්ථික සංවර්ධන නිලධාරින් දැනුවත් කරමින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හදුනාගැනීමේ නව වැඩසටහනක් ගාල්ල මූලික කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

මේ සදහා ආර්ථීක සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීම සවිබල ගැන්වීම දැනුවත් කිරීම සහ ආයතනික සම්බන්ධීකරණය සිදු කිරීම සදහා මූලික වැඩසටහන අද දින (27) ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වැඩසටහන් රැසක් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හඳුනාගැනිමට සහ ඔවුන් සවිබල ගැන්වීමට ආරම්භ කර ඇති අතර, ඔවුන්ව ඝෘජුව සම්බනධීකරණය කිරීමටත් ඔවුන්ගේ ගැටළු
හඳුනාගැනිමටත් මෙම නිලධාරීන් යෙදවිමට අපෙක්ෂිතය.

මෙය දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහනකි.

Read more

Local News