කොළඹ, හුණුපිටිය – ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර හෙට (28) රාත්‍රියේ විදී සංචාරය කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.
මෙවර පෙරහැර සංවිධානය කරනු ලබන්නේ 40 වන වරටයි.
පළමු පෙරහැර සියත ටීවී තුළින් සජිවීව විකාශය කිරීම සඳහා මේවන විට සියලු කටයුතු සුදානම් කර අවසන්.
1970 දශකයේ දී ප්‍රථම වරට අාරම්භ වු මෙම පෙරහැර මංගල්‍යය අදවන තෙක් වාර්ෂිකව වෙනස්කම් සිදුවෙමින් වඩාත් අභිමානවත්ව සමරනු ලැබේ.
දෙස් විදෙස් ජනයාගේ අවධානය දිනාගත් මෙම පෙරහැර හුදෙක් බෞද්ධ ජනතාවගේ පමණක් නොව ජාති අාගම් නොතකා සියලු ශ්‍රී ලාංකීක ගෞරවාදරයට ලක්වෙමින් තිබේ.
අලි අැතුන් 70ක් පමණ සම්බන්ධ වන, විවිධ නර්තන ශිල්පින් 7000ක් පමණ ඒක්වී මෙවර ගංගාරාම නවම් මහා පෙරහැර වර්ණවත් කරනු අැත.
ජෙම්ස් පිරිස් මාවත, ඩබ්ලිව්.ඒ.ඩී. රාමණායක මාවත, හුණුපිටිය ලේක් පාර, ශ්‍රී ජිනරතන මාවත යන මාවත් ඔස්සේ මෙවර පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතයි.
2018 ගංගාරාම නවම් මහා පෙරහැර සජිවීව හෙට රාත්‍රී 8.00 සිට ගෙන ඒමට සියත ටීවී අප සුදානම්.