නවීන ලොව ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාවයි

Share

මංගල සමරවීර මහතා මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය විවෘත කිරීම සහ නව සිවු මහල් පංති කාමර ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට ඊයේ (26) එක්වෙමින් පැවසුවේ, ගෝත්‍රික මත පරදා නවීන ලොව ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බවයි.

රටක් දියුණවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බව හෙතෙම පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් රජය නිරත්නතරයෙන් කැපවන බව වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

‘‘කෘෂි කාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘතිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන් ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

2014 අයවැයන් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරල තිබුණෙ රුපියල් බිලියන 196කට ටිකක් අඩුවෙන්. 2018 අයවැයෙන් අපි අධ්‍යාපන වෙනුවෙන් රුපියල් බිලියන 333ක් විතර වෙන් කරල තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට අමාත්‍යවරයා පැවැසීය.

Read more

Local News