කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට පළමු දිනයේදී අයදුම්පත‍්‍ර 3931ක් නිකුත් කරයි – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Share

පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කළ පසුගිය 26 දින දිවයින පුරා මධ්‍යස්ථාන 18කදී අයදුම්පත් 3931 ක් නිකුත් කිරීම සිදු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මාර්තු මස 2 දින තෙක් උදෑසන 9 සිට සවස 4 දක්වා කාර්යාංශයේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, අම්පාර, මඩකළපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, තංගල්ල, සහන පියස හා පන්නිපිටිය යන මධ්‍යස්ථානවලදී අයදුම්පත් නිකුත් කරනු ලබයි.

මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වේ. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වා විභාගය පැවැත්වෙන අතර නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි. වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය.

අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද සෙ.මි 3.5×4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ. අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රි ලංකා මුදලින් රුපියල් 3772.00 ගෙවිය යුතුවේ.

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වීම කොරියාවේ රැකියාවක් ලැබීමට අනිවාර්යය සුදුසුකමක් නොවන අතර රැකියා සදහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් අංශයේ පවතින පුරප්පාඩු මත බවත්ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කරයි.

Read more

Local News