නාරා ආයතනයේ 2018 පර්යේෂණ වාර්තාව ”නිල් සයුර” එළි දක්වයි

Share

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) විසින් 2017 වසරේ සිදු කරන ලද පර්යේෂණ ඇතුළත් 2018 පර්යේෂණ වාර්තාව ”නිල් සයුර” නමින් එළිදක්වනු ලැබීය.

එම පර්යේෂණ වාර්තාව නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රෙමරත්න මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාට පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ කුඩා සාමුද්‍රික මත්ස්‍ය කර්මාන්තය, ශ්‍රී ලංකාවේ මහා සාමුද්‍රික මත්ස්‍ය කර්මාන්තය, ටූනා මත්ස්‍ය කර්මාන්තයේ වෙනස්වීම්, ටූනා මසුන්ගේ ආමාශයේ තිබී පොලිතීන් හමුවීම හා සාමුද්‍රික පරිසර දූෂණය, මුහුදු කූඩැල්ලන් ධීවර කර්මාන්තය, ගල්මාළු විශේෂවල ජෛව සහ ධීවර විද්‍යාත්මක අධ්‍යයනය, මාදැල් කර්මාන්තයේ යෝග්‍යතා, කැස්බෑවන් හා නිල් කකුළුවන් පිළිබඳ අධ්‍යයනය ආදි පර්යේෂණ රැසක තොරතුරු ඊට ඇතුළත් වේ.

Read more

Local News