පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන සංවත්සර උත්සවය පැවැත්වෙයි

Share

පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන සංවත්සර උත්සවය හා විශේෂ කාර්ය බලකායේ 74 වන මූලික පුහුණු පාඨමාලාවේ ආධුනික පොලිස් නිලධාරින්ගේ විසිර යාමේ උත්සවය අග්‍රාමාත්‍ය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසැලේදි පවත්වන ලදි.
මෙම උත්සවයට සමගාමිව විශේෂ කාර්ය බලකායේ 74 වන මුලික පුහුණුව අවසන් කරන ලද ආධුනික පොලිස් නිලධාරින් 169 දෙනෙකු විසිර ගියහ. එම නිලධාරින්ගේ පුහුණු පාඨමාලා කාලසීමාව තුළදී මුලික පොලිස් පුහුණුව, විශේෂ කාර්ය බලකා මුලික පුහුණුව, වන සටහන් අභ්‍යාස, ජිම්නාස්ටික් පුහුණුව, කැරලි මර්දන පුහුණුව, ප්‍රභූ ආරක්‍ෂක පුහුණුව (මූලික සිද්ධාන්ත), ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම හා අවි රහිත සටන් පුහුණුව ආදි පුහුණුවිම් රැසක් සිදුකර ඇත. මීට අමතරව අනුඛණ්ඩ භාර උප පොලිස් පරීක්‍ෂකවරුන් 18 දෙනෙකු හා අනුඛණ්ඩ භාර පොලිස් සැරයන්වරුන් 18 දෙනෙකුද විසිර ගියහ.
ජිම්නාස්ටික් සංදර්ශන හා යතුරුපැදි සංදර්ශන වලින් උත්සව භූමිය වඩාත් විචිත්‍රවත් විය.

Read more

Local News