පොලිස්පති හා ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපකුලපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

Share

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපකුලපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී විශ්වවිද්‍යාලයන් තුළ සිදු කෙරෙන නවක වදය වැළැක්වීම, විශ්වවිද්‍යාලයන් අසල පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පොලිසියේ සහය ලබා ගැනීම, විශ්වවිද්‍යාල සිසුන්ගේ සුභ සාධනයට හානිවන වෙනත් කටයුතු මැඩලීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් හට බාධාවකින් තොරව අධ්‍යන කටයුතු සිදු කිරීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීම සඳහා පොලිසියත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය.

Read more

Local News