කළුතර දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටළු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීයි

Share

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටළුව විසඳීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජලයට ලවණ මිශ්‍රවීම නිසා වාද්දුවේ සිට අලුත්ගම දක්වා වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල අවුල් 65000කට පානීය ජල අවශ්‍යතාවය මතුව ඇත.

මේ යටතේ හඳුනාගත් ස්ථාන 273ක ජල ටැංකි ස්ථාපිත කර ඇති අතර දිනකට ජල ලීටර් 28,8000ක් බෙදා හැරේ. මේ සඳහා බවුසර් 13ක් යොදවා ඇත.

අවශ්‍ය වුවහොත් තවත් ජල බවුසර් යෙදවීමට ආපදා කළමනාකරණ ඒකකය සූදානමින් සිටියි.

Read more

Local News