මෙඩිකෙයා 2018 ජාතික සුව සේවා ප්‍රදර්ශනය සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

Share

මෙඩිකෙයා 2018 ජාතික සුව සේවා ප්‍රදර්ශනය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

මෙම ප්‍රදර්ශනය විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඇගයීම ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණයක් බවයි. අද වන විට නියම නිදහස් සෞඛ්‍ය සේවයක් ලංකාවේ පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ තවත් ආයතන කිහිපයක් එක්ව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය 9 වැන වරට පවත්වයි.

මෙම ප්‍රදර්ශනය අද (03) සහ හෙට (04) යන දෙදින මහජනතාව සඳහා විවෘතව පවතී.

Read more

Local News