කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පරීක්ෂණය නොපැවැත්වෙයි

Share

අද (03) සහ හෙට (04) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලීය ජනමාධ්‍ය ඩිප්ලෝමා පරීක්ෂණය නොපැවැත්වෙයි.

දැනට පවතින විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිසා 2018 මාර්තු මස 03 සහ 04 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලීය ජනමාධ්‍ය ඩිප්ලෝමා පරීක්ෂණය එම දෙදින තුළ නොපැවැත්වෙන බවත්, පරීක්ෂණය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බවත් පාඨමාලා සම්බන්ධීකාරක මහාචාර්ය සමන්ත හේරත් මහතා නිවේදනය කර සිටී.

දැනට නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වෙන දින සඳහා වලංගු වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News