පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිතයා අද මෙරටට

Share

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු, ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන්, අද (05) සිට 7 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වෙයි.

සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී විශේෂ නියෝජිතවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් බැහැ දැකීමට නියමිතය.

පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සමග උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වීමට නියමිත විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතයන් මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවනු ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා මේ තාක් සිදු කරන ලද කාර්ය භාරය මෙන්ම වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම සඳහා පිළියෙළ කර ඇති සිය සැලසුම් විදහා පෙන්වීමට විශේෂ නියෝජිතවරයාගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වේ.

Read more

Local News