වන්ධ්‍යාකරණයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් නැහැ – වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

Share

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් (වඳ බෙහෙත්) සොයාගෙන නැති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනය,

මෑතකදී සිදු වු ඇතැම් සිදුවීම්වලින් පසු වඳ පෙති සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට විමසීම් ලැබී ඇත. මනුෂ්‍යයන් සම්බන්ධව සලකන විට වෛද්‍ය විද්‍යාත්මකව වන්ධ්‍යාකරණය වශයෙන් සැලකෙන්නේ ප්‍රජනන හැකියාව සදාකාලිකව අහිමි කිරීමයි.

ඇතැම් පුද්ගලයන්ට ප්‍රජනන හැකියාව ස්වභාවිකව නොමැති වන අවස්ථා ඇති අතර ඒ සඳහා පවුල් සැලසුම් සේවාවන්වල ප්‍රතිකාර ලබා ගනිති. අනෙක් අතට තම පවුල සම්පූර්ණ කළ පුද්ගලයන් ඉදිරියට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා ස්ථිර ක්‍රමයක් එනම් වන්ධ්‍යාකරණය සඳහා ඉල්ලුම් කළ හැක. ඉහත අවස්ථා දෙක සඳහාම මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබා දීමට පවුල් සේවාවන් සංවිධාන වී ඇත.

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව වන්ධ්‍යාකරණය සඳහා වර්තමානයෙහි ඇති එකම ක්‍රමය ශල්‍යකර්මයකි. කාන්තාවන් සඳහා එල්.ආර්.ටී. සැත්කම ද පුරුෂයන් සඳහා වාසෙත්කමි සැත්කම ද වේ.

වන්ධ්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය ක්‍රමයෙහි ඖෂධමය ක්‍රමයක් නොමැත.

Read more

Local News