ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ‍ෆේස්බුක් පෙනී සිටීම තහනම්

Share

ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ‍ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

මේ සම්බන්ධව යුද්ධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය. ගුවන් සහ නාවික හමුදාවලද එම නීතිය පනවා ඇත.

ජාතික ආරක්ෂාවේ වගකීම පැවරී ඇති රටේ ගෞරවයට පාත්‍රවූ ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම ෆේස්බුක් අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක හෝ එම පුද්ගලයන් වෙනුවෙන් පවත්වාගෙන යන ප්‍රොෆයිල්වල එම හමුදා සාමාජිකයන්ගේ නිල ඇඳුමෙන් පෙනී සිටීම මේ යටතේ සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

හමුදාවේ නිලධාරින්ගේ හමුදා තොරතුරු, උසස්වීම්, මාරුවීම්, රාජකාරි කටයුතු සහ වෙනත් එවැනි තොරතුරු ප්‍රචාරය සඳහා හමුදා නිල වෙබ්අඩවි පවත්වාගෙන යයි. එහෙත් හමුදා සාමාජිකයන් කිසිදු සීමාවකින් තොරව ඉහත සඳහන් පරිදි ඔවුන්ගේ පෞද්ගලික ෆේස්බුක්, අන්තර්ජාලය සහ ප්‍රොෆයිල්වල හමුදා නිල ඇඳුමින් සැරසී විවිධ තොරතුරු ප්‍රචාරය කරගෙන යයි.

මේවාට විවිධ පුද්ගලයන් විසින් විවිධ ආකාරයේ ප්‍රකාශ (Comments) එකතු කිරීම නිසා හමුදාව හෑල්ලුවට ලක්වෙන බොහෝ අවස්ථා දක්නට ලැබේ.

Read more

Local News