විකෘති කරන ලද, හානි කරන මුදල් නෝට්ටු හුවමාරුව මාර්තු 31න් අවසන්

Share

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු තවමත් ඔබ ලඟ තිබේනම් හැකි ඉක්මණින් එවැනි මුදල් නේට්ටු ළඟම ඇති වාණිජ බැංකු ශාඛාවෙන් මාර්තු 31වනදාට පෙර හුවමාරු කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබඳ ප‍්‍රතිපත්තිය යටතේ මෙම වැඩපිළිවෙල දියත් කරනු ඇත.

ඒ අනුව විකෘති කරන ලද කිසිදු මුදල් නෝට්ටුවක් 2018 මාර්තු 31වැනිදායින් පසුව රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් භාර නොගන්නා බව දන්වනු ලබන අතර, මුදල් නීති පනත අනුව පනවන ලද අදාළ රෙගුලාසි යටතේ එම මුදල් නෝට්ටු ශී‍්‍ර ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර කිසිදු ගෙවීමක් සිදු නොකෙරේ.

මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති.

ශී‍්‍ර ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හිතාමතාම විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන දඩුවම් පැමිණවීමට අවස්ථාව පවති.

Read more

Local News