මේ වසරේ පළමු මාස 02 තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ, 2018 වසරේ පළමු මාස 02 තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම 2017 වසරේ එම කාලය තුල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා සියයට 50 ක අඩුවීමක් පෙන්නුම් කරන බවයි. 

කෙසේ වෙතත් එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග දිවයිනේ නාගරික ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානම තවදුරටත් පවතින බැවින් තම තමන්ගේ පරිශ්‍රයන් ආශ්‍රිතව මදුරුවන් බෝවීමෙන් තොරව දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙයි.
එම තත්ත්වය අවම කර ගැනීම සදහා හදුනාගත් දිස්ත්‍රීක්ක 09ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 70 ක් තුල විශේෂ මදුරු මර්දන වැඩසටහන් ජනවාරි මාසයේ දී සහ පෙබරවාරි මසයේ දී ක්‍රියාත්මක කරන ලදි. මදුරු කීටයින් බෝවන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය 502 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.
මේ අතර මදුරු මර්දන ක්ෂේත්‍ර රාජකාරී සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ බදවා ගත් සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය තවත් වසරකින් දිර්ඝ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත අප්‍රේල් මස මුල් සතියේ දී ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

Read more

Local News