ආරක්ෂක රාජ්‍ය ඇමැති සහ මල්වතු නාහිමියන් අතර විශේෂ සාකච්ඡාවක්

Share

මහනුවර මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබූ නොසන්සුන්කාරී වාතාවරණය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

ත්‍රිවිද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මහනුවර දිස්ත්‍රික්කයේ සාමය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා යලිත් එවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා මහා නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

Read more

Local News