ඉන්දියාවේ ළමා විවාහ සැලකිය යුතු මට්ටමින් පහළට

Share

ඉන්දියාවේ ළමා විවාහ සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය ප්‍රකාශ කරයි.

පසුගිය දශකය තුළ ලොව පුරා ළමා විවාහ මිලියන 25ක් පමණ වළක්වා ගැනීමට හැකි වූ බව ද එයින් වැඩිම සංඛ්‍යාව දකුණු ආසියා කලාපයේ බව ද යුනිසෙෆ් ආයතනය අනාවරණය කරයි.

ළමා විවාහ වළක්වා ගැනීම සඳහා කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමට යහපත් වාතාවරණයක් ඇති කිරීමත් ළමා විවාහයන් හි විපාක පෙන්වා දෙන මහජන ව්‍යාපෘති වැඩි කිරීමත් තව දුරටත් සිදු විය යුතු බව යුනිසෙෆ් ආයතනය විශ්වාස කරයි.

කෙසේ වුවත් ඉන්දියාව තුළ විවාහයක් සිදු වීමට නම් කාන්තාව වයස අවුරුදු 18ක් සහ පුර්ෂයා වයස අවුරුදු 21ක් සම්පූර්ණ කළ යුතු අතර එසේ නොවන විවාහ නීත්‍යානුකූළ විවාහ නොවන බැවින් ඉන්දියාවේ ළමා විවාහ වැළැක්වීමේ පනත මගින් ඉන්දියා රුපියල් 100,000 ක දඩයක් සහ අඩු වයස් ළමයින් විවාහ කර දීමේ උත්සාහය මත එම මවුපියන්ට වසර 2ක සිර දඬුවම් නියම කර තිබේ.

Read more

Local News