උපාධි අධ්‍යාපනය සඳහා ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කරයි

Share

රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකගතාවය පළ කර ඇත.

මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හදුනාගත් ආයතන අටක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම සපයනු ඇත.

සිසු සිසුවියන් 5000 ක් සඳහා මෙම ණය පහසුකම ලබා දීමට තීරණය කර ඇති අතර වසර හතරක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 8 ක මුදලක්ද, වසර තුනක කාලයක් සඳහා ලක්ෂ හයක මුදලක් ද මේ අනුව ණය ලෙස ප‍්‍රදානය කිරීමට නියමිතය.

Read more

Local News