යුද්ධ හමුදාධිපති මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය කිරීමේ සංචාරයක

Share

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය කිරීමේ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදාධිපති ප්‍රධානත්වයෙන් මහනුවර සිංහල ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාකච්ඡාවක් එම කාර්යාල පරිශ්‍රයේ දී පැවත්වූ අතර එහිදි ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක්වූ ව්‍යාපාරික ප්‍රජාවගේ අලාභහානි හා මුහුණදී ඇති ගැටළු පිළිබඳ කරුණු විමසනු ලැබීය.

අනතුරුව, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවන් ඒකාබද්ධව තවත් සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ද ගැටළු පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලදී.

දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිංහල, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක් වූ ජනතාව පිළිබඳ හමුදාපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

Read more

Local News