සියලුම විලවුන් වර්ග නියාමනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් වැඩපිළිවෙලක්

Share

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග නියාමනය 2017.10.10 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර ඇත.

එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පවසයි.

එලෙස අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන ආයතන පරික්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව ද ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කරයි.

Read more

Local News