මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් හේතුවෙන් හානියට පත් ජීවිත හා දේපළ සඳහා වන්දි කඩිනමින්

Share

මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් හේතුවෙන් හානියට පත් ජීවිත හා දේපළ සඳහා වන්දි කඩිනමින් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

අග්‍රාමාත්‍යවරයා ඊයේ (10) මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේ දී මේ බව පැවසීය.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීමෙන් නිවාස, මෝටර් රථ, ආගමික ස්ථාන සියල්ල ගත්විට 465ක තක්සේරුවක් සිදු කිරීමට තිබේ. මෙම සියලු තක්සේරු කටයුතු ලබන සිකුරාදා දිනය වනවිට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුනි.

මිය ගිය අයවෙනුවෙන් වන්දි ගෙවීම සඳුදා දිනය වනවිට සිදු කරන ලෙස දැනුම්දුන් අග්‍රාමාත්‍යවරයා, මුල් අවස්ථාවේ ලක්ෂයක වන්දියක් ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ලක්ෂ හතරක වන්දියක් ලබාදෙන ලෙසත් දැන්වීය. සිදු වී තිබෙන හානිය අනුව ගෙවීන් කරන්න. ව්‍යාපාර හානිවලට මූලික වශයෙන් ලක්ෂයක් ද නිවාස හානිවලට රුපියල් පනස් දහසක් ද ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read more

Local News