දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින ආසන්නයේ පැවති තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්වයක් බවට පත්ව ඇති අතර එය තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

එය මේ වන විට දිවයිනට දකුණු දෙසින් ස්ථානගතව ඇති අතර වයඹ දෙසට බරව බස්නාහිර දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනට බස්නාහිර, දකුණු, ගිනිකොණ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇත.

උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50-60 දක්වා) තද සුළං බලාපොරොත්තු වේ.

දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල (මි.මි 100 වැඩි) තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News