පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 08ක් විවෘත කරයි

Share

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම පිටාර මට්ටම ඉක්මවා ඇති බැවින් සමුද්‍රයේ වාන් දොරටු 08ක් අද (12) විවෘත කළ බව පොළොන්නරුවේ වාරි ඉංජිනේරු කාර්යලය පවසයි.

මෙම වාන් දොරටුවලින් තප්පරයට ඝන අඩි 1100ක ජල ප්‍රමණයක් අඹතැන්න ඔස්සේ මහවැලි ගඟට ගලා ගෙන යයි. මේ නිසා මනම්පිටිය හා ඒ අවට මහවැලි ගඟ ප්‍රයෝජනයට ගන්නා ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග කාර්යාලය දැනුම් දෙයි.

පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අඩි 195කි. එය අඩි 194.5 දක්වා අඩුවනතුරු වාන් දොරටු විවෘත කොට තබන බවද පොළොන්නරුව වාරිමාර්ග කර්යාලය පවසයි.

Read more

Local News