ප්‍රථම ජලජ පැළැටි පටක රෝපණ විද්‍යාගාරය මහින්ද අමරවීර මහතා අතින් විවෘත වෙයි

Share

ශ්‍රී ලංකාවේ ජලජ පැළෑටි වගාවට නව පනතක් එක් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් අප රටේ ප්‍රථම ජලජ පැළැටි පටක රෝපණ විද්‍යාගාරය WET LAB රම්බඩගල්ලේ ජලජීවි වගා මධ්‍යස්ථානයට අනුබද්ධව පසුගියදා විවෘත කෙරිණි.

ජලජ පැළෑටි වගාව තවමත් අප රටේ ජනතාව අතර පුළුල් ලෙස ව්‍යාප්ත වී නොමැත. එහෙත් වර්තමානයේ ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ජනතාව භාවිතා කරන මුහුදු ආහාර අතර ජලජ පැළෑටි බහුල වශයෙන් යොදා ගනී. අධික ප්‍රෝටීන සහිත හා සෞඛ්‍යසම්පන්න ආහාරයක් වන ජලජ පැළැටි අපනයනය මගින් ඉහළ ආදායමක් උපයාගැනීම මෙන්ම අප රටේ ජනතාව අතර එම වගාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණයි.

පසුගිය වසරේ දී අප රටෙන් විදේශ රටවලට අපනයනය කර ඇති ජලජ පැළෑටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 52කි. එමගින් රුපියල් මිලියන 50ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකිවිය.

මෙම විද්‍යාගාරය ඉදි කිරීම සඳහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 35කි. එහි දැනට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින ජලජ පැළැටි රැසක පටක රෝපණය සිදු කෙරේ. එමෙන්ම ඒවා වගා කර මහජනතාවට වගා කර්මාන්තයක් වශයෙන් ඇරඹීම සඳහා අලෙවි කිරීම ද සිදු කෙරේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත වු අතර එම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා හා නැක්ඩා ආයතනයේ සභාපති උපාලි මොහොට්ටි මහතා ද සහභාගි වූහ.

 

Read more

Local News