දේශීය අරමුදල් මගින් සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් – සෞඛ්‍ය අැමති

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ, මුදල් අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට 2015-2018 කාලය තුළ ලබාදි ඇති ප්‍රතිපාදන මත රුපියල් මිලියන 67000 ක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති බවයි.

මෙම ප්‍රතිපාදන යටතේ රෝහල් නවීකරණය කිරීම, නව රෝහල් ඉදිකිරීම සිදු කරනු ලබයි. මධ්‍යම රජය යටතේ පවතින රෝහල් සහ පළාත් සභා යටතේ පවතින රෝහල් මෙම ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කරනු ලබයි.

2015 වසරේ දී රුපියල් මිලියන 4971 ක් ද, 2016 වසරේ දී රුපියල් මිලියන 10334 ක් ද, 2017 වසරේ දී රුපියල් මිලියන 11570 ක් ද, 2018 වසරේ දී රුපියල් මිලියන 14428 ක් ද, වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති දියත් කර ඇත.

Read more

Local News