ගම්මාන 14,000ට මූලික අයිතිවාසිකම් නිලධාරියකු පත්කිරීම පිළිබඳ රජයේ අවධානය – අමාත්‍ය වජිර අබේවර්ධන

Share

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසුවේ, මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ග්‍රාමීය මට්ටමේ නිලධාරියකු පත්කිරීම ගැන අවධානය යොමු කර තිබෙන බවයි.

රජයක් හැටියට මේ ගැටලු විසඳාගෙන අලුත් ක්‍රියාදාමයකට යොමු වෙන්නේ කොහොම ද කියා අපි සොයා බලනවා. ප්‍රශ්න විසඳීම සඳහා ගම්මාන 14,000ට මූලික අයිතිවාසිකම් නිලධාරියකු පත්කිරීම පිළිබඳ දැනට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ජනතාවගේ නොවිසඳුණු ගැටලු සොයා බලා විසඳීමට ඔවුන් අසාධාරණයෙන් වළක්වාගැනීමට මේ වගේ නිලධාරියකු අවශ්‍ය වේවි. මේ සම්බන්ධයෙන් අපි ලෝක බැංකුව, ජපන් සහයෝගීතා බැංකුව වැනි ආධාර දෙන කණ්ඩායම් ද දැනුම්වත් කරන්න අවශ්‍යයි. ඉදිරි මාස දෙක තුනක මේ ගැන තීරණයක් අරගෙන ආධාර කණ්ඩායම් සමග ද එක්වෙලා රාජ්‍ය අංශය සමග මුසු වූ මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ග්‍රාමීය මට්ටමේ නිලධාරියකු පත්කිරීම ගැන අවධානය යොමු කර තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News