ජනපති දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා නගරයේ සංචාරයක

Share

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප‍්‍රදේශයේ ඊයේ (15) සංචාරයක නිරත විය.

හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.

1945 වසරේ අගෝස්තු 06 වනදා ලොව ප‍්‍රථම පරමාණු බෝම්බ ප‍්‍රහාරය හිරෝෂිමාවට එල්ල විය. එහිදී නගරයෙන් සියයට අනූවක් පමණ විනාශ වූ අතර, එකවර මිය ගිය සංඛ්‍යාව අසූදහසකට අධිකය.වසර අවසානයේ එම මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස්දහස දක්වා ඉහළ ගියේය.

Read more

Local News