මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කර තිබෙන ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් කඩිනම් විසඳුම්

Share

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කර තිබෙන ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බලා ඒ සඳහා කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කළේ ය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සිය අමාත්‍යාංශයේ පවත්වන මහජන දිනයට රටේ නන්දෙසින් පැමිණි සිටි ජනතාව හමුවූ අතර ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්න සඳහා ක්ෂණික විසඳුම් රැසක් ලබාදීමට කටයුතු කර තිබුණි.

ඉදිරිපත්වු ඉඩම් ප්‍රශ්න සදහා ඉතා කඩිනමින් විසදුම් ලබාදුන් අතර වනජීවි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ජනතාවගේ ඉඩම් ගැටළු කිහිපයක් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර එම ගැටලු පිළිබදව සොයාබලා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබාදුණි.

Read more

Local News