ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට පියවර

Share

ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මාර්තු 31 දිනට යෙදී ඇති ලෝක වනාන්තර දිනය සැමරීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැති මාධ්‍ය හමුවේ දී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානයක මහතා පැවසුවේ, දැනට මෙරට පවතින වනගහනය සියයට 29.7%කි. මේ සඳහා මොරගහකන්ද සහ වික්ටෝරියා ජල පෝෂක ප්‍රදේශවල හෙක්ටයාර් 50,000ක වන වගාවක් අලුතින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලෝක හරිත අරමුදලෙන් ලැබී ඇති බවයි.

මෙවර ලෝක වනාන්තර දිනය සැමරීමේ ශ්‍රී ලංකාවේ තේමාව වන්නේ, ” වනාන්තර සහ තිරසර පුරවර ” යන්නයි.

මේ අනුව මොරගහකන්ද ජල පෝෂක ප්‍රදේශයේ හෙක්ටයාර් 25000ක හා වික්ටෝරියා ජලපෝෂක ප්‍රදේශයේ කෙක්ටයාර් 25,000ක වනවගා කෙරෙන බව ද ලේකම්වරයා පැවසීය.

Read more

Local News