ගිය වසරේ මෙරටින් වාර්තා වූ ක්ෂය රෝගීන් සංඛ්‍යාව 8511ක්

Share

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ වසර 2017 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ක්ෂය රෝගීන් සංඛ්‍යාව 8511ක් බවත් ඉන් 8113ක් අලුතින් හඳුනාගත් රෝගීන් බවයි.

බහු ඖෂධ ප්‍රතිරෝධී තත්ත්වයට පත් වූ රෝගීන් 23 දෙනෙකුට ප්‍රතිකාර ආරම්භ කිරීම 2017 වසරේ දී සිදු විය. එසේ ම ක්ෂය රෝග සහ එච්.අයි.වී. ආසාදනය සහිත ද්විත්ව ආසාදිතයින් 24ක් 2017 වසරේ දී සොයාගෙන ඇත.

ක්ෂය රෝගීන් බොහොමයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 3601කි. ප්‍රතිශතයක් ලෙස සියයට 42%කි. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 2051ක් එනම් සියයට 24%ක් වාර්තා වෙයි.

ක්ෂය රෝගය කලින් හඳුනාගැනීමෙන් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බව වෛද්‍යවරු පවසති.

2018 වසරේ මාර්තු 24 දින ලෝක ක්ෂය රෝග දිනය යෙදී තිබේ.

Read more

Local News