2018 ලෝක ජල දිනයට සමගාමීව පර්යේෂණ සම්මන්ත්‍රණයක් ඊයේ කොළඹ දී

Share

2018 ලෝක ජල දිනයට සමගාමීව පැවැත්වූ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යයනවල සොයාගැනීම් හුවමාරු කරගැනීමේ සම්මන්ත්‍රණයක් ඊයේ (20) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදි පැවැත්විණි.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

මෙම අවස්ථාවට නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි, අතිරේක ලේකම් ඒ.සි.එම්. නෆීල්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. අන්සාර්, සාමාන්‍යධිකාරී දීප්ති සුමනසේකර යන උසස් නිලධාරීන් හා පිරිසක් එක්විය.

Read more

Local News