ෂාරුක් ඛාන් කණස්සල්ලෙන්

Share

බාෙලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන් පසුගිය දා ප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සඟරාව සමගින් එක්වෙමින් පවසා අැත්තේ සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ‘පද්මාවත්’ චිත්‍රපටයේ රන්වීර් සිං නිරූපණය කරනු ලැබු ‘අල්ලුදීන්’ රජුගේ චරිතය තමාට ලැබුණු එකක් බවත් එය ප්‍රතික්ෂේප කළ නිසා තමා අද වඩාත් කණගාටුවට පත්වෙන බවත්ය.

මීට පෙරද ෂාරුක් තමාට ලැබුණ හොඳ නිර්මාණ කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ නළුවෙක් වන අතර, ‘ඩුම්’ තුන්වැනි චිත්‍රපටයේ අමීර් ඛාන් නිරූපණය කළ ද්විත්ව චරිතයද තමාට මුලින්ම ලැබුණ එකක් බවද ඔහු මෙහිදී පවසා තිබේ. මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු නිරතව සිටින ඔහු එළැඹෙන මැයි මාසයේදී ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීමට සුදානමින් සිටියි.

sourse: saaravita.lk

Read more

Local News