පළතුරු ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත විද්‍යාත්මක ක්‍රමවේදයක් 

Share

දේශීයව නිපදවන පළතුරු අස්වැන්න එම වාරය තුළදී එකවර ලැබීමේදී, වෙළඳපල දක්වා පැමිණීමේදී සහ වෙළඳපල තුළදී අපතේ යන ප්‍රමාණය අවම කිරීම සඳහා පළතුරු එම ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරිමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සමත්ව ඇත.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසන්නේ, මෙම පර්යේෂණය සිදු කිරීමෙහිලා කැනඩා රජයේ ආධාර ලැබී ඇති අතර එහි ප්‍රතිපල සාර්ථකත්වය මත වෙළඳපල හරහා පලතුරු වගාවන් ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් වෙත මෙම නව නිෂ්පාදනය ලබා දීමට අපේක්ෂිත අතර මෙම නව සොයා ගැනීම පලතුරු ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නව පෙරළියක් සිදු කරනු ඇති බවයි.

මෙම නව නිෂ්පාදනය පළතුරු නිෂ්පාදකයන් අතරට පත් කිරීම සඳහා ITI ආයතනය හේලිස් ඇග්‍රෝ පුද්ගලික සමාගම සමඟ ගිවිසුම් ගත වී ඇති අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද (22) පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

Read more

Local News