හෙඳ සේවාව මුහුණ දී ඇති ගැටලු 17 ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අැමතිගෙන් විසදුම්

Share

හෙඳ සේවාව මුහුණ දී ඇති ගැටලු 17 ක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම, විවිධ දීමනා ඉහළ නැංවීම, හෙද සේවාවට ගෙවනු ලබන සුවිශේෂි දීමනාව ඉහළ නැංවීම ඇතුලු ගැටලු 17 ක් සාකච්ඡාවට බදුන් විය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හෙඳ කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රමාදවීම පිළිබද ගැටලුව සාකච්ඡා කළ අතර, එම හෙද කාර්ය මණ්ඩලයේ ලිපිගොනු කඩිනමින් සකස් කර වැටුප් ගෙවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කරන ලදි. මෑතකදී උසස්වීම් ලැබූ ඡ්‍යෙෂ්ඨ හෙඳ නිලධාරින් සහ මාණ්ඩලික හෙඳ හෙදියන්ගේ සේවා ස්ථාන ලබාදීමෙන් පසු මතුව ඇති ගැටලු පිළිබදව ද සාකච්ඡා කිරිමට තීරණය කරන ලදි.

තවද හෙඳ විදුහල්වල විදුහල්පතිවරුන්ට නිල රථයක් ලබාදීමට ද තීරණය කරන ලදි. හෙද විද්‍යාල 05 ක් සදහා බස් රථ ලබාදීමට ද තීරණය කළ අතර, හෙඳ ආචාර්යවරුන්ගේ ඉගැන්වීමේ දීමනාව ඉහළ නැංවීමට ද යෝජනා කෙරුණි.

Read more

Local News