දෙවැනි තරඟයේ ජයත් පාකිස්තානයට

Share

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කාන්තා පිල සමග ඊයේ (22) දඹුල්ලේ පැවැති දෙවැනි තරඟයෙන් ලකුණු 94ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

මේ සමග තරඟ 3කින් සමන්විත තරගාවලිය තරඟයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජය ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල කඩුලු 6ක් දැවී ලකුණු 250ක් රැස්කළේ ය.

251ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 78ක් ඉතිරිව තිබියදී ලකුණු 156කට දැවී ගියහ.

 

දෙපිල අතර තෙවැනි හා අවසන් තරඟය හෙට (24) දඹුල්ලේදී පැවැත්වෙයි.

පාකිස්තානය – 250/6 (ඕවර 50) බිස්මා මාරූෆ් 89, නිඩා දාර් 38, මුනීබා අලී 31 (ශ්‍රීපාලි වීරක්කොඩි 46/2)

ශ්‍රී ලංකාව – 156 (ඕවර 37) ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 29 (සානා මීර් 32/4, නිඩා දාර් 27/2)

Read more

Local News