ශ්‍රීයා සරන් විවාහ වෙයි

Share

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම රඟපෑ ශ්‍රීයා සරන් පසුගිය මාර්තු 12 වැනිදා විවාහ වූ පුවතක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ. ඇයගේ අතගනු ලැබුවේ රුසියානු ජාතිකයෙකු වූ ඇන්ඩ්‍රි කොස්ච්ව්ය. 35 වැනි වියෙහි පසුවන ශ්‍රීයා සරන් ඇයට වඩා වසර තුනකින් බාල තරුණයෙකු වන ඇන්ඩ්‍රි සමගින් විවාහ වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, මොවුන් අතර ඇතිවූ ප්‍රේම සම්බන්ධයට සිවුවසරක ආයු කාලයක් තිබුණ බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි. මාර්තු 12 වැනිදා පැවති මෙම විවාහය ශ්‍රීයා සරන්ට අයත් මුම්බායිහි නිවසේදී පැවැත්වූ බව සඳහන් වේ.

Read more

Local News