පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගනීයි – මධ්‍යම පරිසර අධීකාරිය

Share

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත් වූහ.

ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ඉකුත් 22 වන දින රාත්‍රියේ මෙම හදිසි වැටලීම සිදුකළ අතර, මේ වන විට නීතියෙන් තහනම් කර ඇති හානිදායක පොලිතීන් නිෂ්පාදනය කරමින් සිටින අවස්ථාවේදීම ඔවුන් නීතීයේ රැහැනට හසු කරගත හැකි විය.

ඒ අවස්ථාවේදීම අදාළ සාම්පල්, රසායනික පරික්ෂණයකට ලක්කළ අතර, එහිදි අනාවරණය වී ඇත්තේ, ජෛව හායනයට ලක් නොවන හෙවත් දිරාපත් නොවන පොලිතීන් නිෂ්පාදනය කරන බවයි. ඒ අනුව එම පොලිතීන් සාම්පල් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තකරුට එරෙහිව නීතීමය පියවර ගැනීමට කටයුතු කෙරේ.

රජය විසින් ගනු ලැබු තීරණයකට අනුව, 2017 සැප්තැම්බර් 01 දින සිට අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව සියළුම ආකාරයේ පොලිඑතලීන්, පොලිප්‍රොපලීන් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනමට ලක්කෙරුණු අතර, සහන කාලයෙන් අනතුරුව මේ වන විට එම නිතීය තදින් ක්‍රියාත්මක කෙරේ.

නිතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනයන් ආනයනය, නිෂ්පාදනය ගබඩා කිරීම් හා භාවිතය සම්බන්ධයෙන් අදාළ විමර්ශන හා හදිසි වැටලීම් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රථම විමර්ශන හා වැටලීම් 2018/01/03 දින පිටකොටුව වේල්ල වීදීය, පිපල්ස් පාර්ක් වෙළඳ සංකිර්ණය, අවට ප්‍රදේශ වලින් ආරම්භ වු අතර, මේ වන විට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට ක්‍රියාකාරී සැලැස්මක් ද සකසා ඇත.

Read more

Local News