2020 වන විට උදා ගම්මාන 2500ක් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Share

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 50 වැනි උදා ගම්මානය ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්, සංගමන්කණ්ඩි හි ඉදි වූ “සංගමන්ග්‍රාමම්” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේ,
මේ වන විට රටපුරා උදා ගම්මාන 600ක කටයුතු ආරම්භ වී තිබෙන බවත් වර්ෂ 2020 වන විට උදා ගම්මාන 2500ක් රටපුරා ඉදිකිරීම වත්මන් රජයේ ඉලක්කය බවයි.
2020 රජයේ ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා මෙම වසරේ දී තවත් උදා ගම්මාන 650ක් සහ 2019, 2020 වර්ෂවල ගම්මාන 650බැගින් ඉදිකිරීමට කටයුතු කරන බවත්, ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ රටේම උදාගම්මාන 2500ක් ඉදිකිරීමෙන් අනතුරුව බවත් අමාත්‍යවරයා පැවසීය.
රටේ සිටින පවුල් ලක්ෂ 60 ගණනකින් පවුල් ලක්ෂ 25 කටම නිවාස ගැටලු පවතින බවත් අද වන විට එම පවුල් ලක්ෂ 25 විවිධ ගැටලුවලින් පීඩා විඳිමින් සිටින බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා වත්මන් රජයේ නිවාස සංවර්ධන විප්ලවය තුළින් නව දේශපාලන විප්ලවයක් දියත් කර, රට තුළ පරිවර්තන යුගයක් ඇතිකිරීමට කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.

Read more

Local News