සංක්‍රමණික කිමිදුම්කරුවන් යොදාගන්නා ධීවර යාත්‍රා 50%කින් අඩු කිරීමට අවධානය යොමුවෙයි

Share

සංක්‍රමණික කිමිදුම්කරුවන් යොදාගෙන සිදු කරන ධීවර කර්මාන්තයේ දී අනුමත කරන ලද ධීවරයාත්‍රා ගණන සියයට 50කින් අඩුකිරීම කෙරෙහි ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඊට හේතුව නම් මේ වනවිට මුලතිව් දිස්ත්‍රික්කයේ සංක්‍රමණික කිමිදුම්කරුවන් උපයෝගි කරගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස ඉහළ යාමයි. මේ නිසා ධීවර සම්පත් අනිසි පරිදි නෙලා ගැනීම සිදුවන බවත් එමනිසා මෙම සංක්‍රමණික ධීවර ප්‍රජාව අවම කරන ලෙසත් එම ප්‍රදේශයේ ස්ථිර ධීවර කාර්මිකයින් විසින් ඉල්ලීම් කර තිබීමයි.

2017 වසරේ දී මෙවැනි බෝට්ටු 67ක් ද, 2018 වසරේ මේ වනවිට ධීවර බෝට්ටු 174ක් මෙම ධීවර කර්මාන්තයේ යෙදේ. ඊට අමතරව මෙම වසර තුළ තවත් බෝට්ටු 82ක් අලුතින් එක්වීමට ද නියමිතය.

Read more

Local News