දිනෙන් දින වැඩිවෙන අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

Share

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) එම්.ආර්. ලතීෆ් මහතා පැවසුවේ, දිනෙන් දින වැඩිවෙමින් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් යුතු විශේෂ කාර්යය බලකා නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බව ද මාර්ග බාධක යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුනි.
එමෙන් ම පොලිසිය හා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.

Read more

Local News