විදේශ මුදල් සහ මැණික් තොගයක් සමඟ චීන ජාතිකයකු අත්අඩංගුවට

Share

රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු ඊයේ (27) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අැත.

මොහු 61 හැවිරිදි චීන ජාතිකයෙක් වන අතර ඔහු මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකු බවද අනාවරණය වෙයි.

මොහු ළඟ තිබී සොයා ගත් මුදල් සහ මැණික්වල වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් හතර ලක්ෂ 23,000කට අධික බවයි සඳහන් වන්නේ.

Read more

Local News