ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවි බල ගැන්වීමේ නව ව්‍යාපෘති රැසක්

Share

2018 වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවි බල ගැන්වීමේ නව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඇඟලුම් ආශ්‍රිත කුඩා පරිමාණ කර්මාන්තශාලා මගින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ක්‍රියාත්මකය.

ඒ අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය මඟින් ලක්ෂ 07කට ආසන්න මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ‘දිරිය මංපෙත’ 2018 වැඩසටහන යටතේ මිලියන 1.5ක මුල්‍ය ප්‍රතිපාදන මෙවර ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව ඇති අතර ගෘහ මුලික කාන්තාවන් සඳහා ස්වයං රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන සඳහා ද රුපියල් ලක්ෂ 06කට ආසන්න මුල්‍ය ප්‍රතිපාදන හිමිව ඇත.

දිස්ත්‍රික්කයේ ග්‍රාමීය හස්ත කර්මාන්ත වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව මිලියන 3.9ක ප්‍රතිපාදන මේ සඳහා යොදවා ඇත.

බීරළු රේන්ද ආශ්‍රිත කර්මාන්ත, මුර්ති නිර්මාණ ආශ්‍රිත කර්මාන්ත, බතික් කර්මාන්ත, ගල් කැටයම් ආශ්‍රිත නිර්මාණ, සම්ප්‍රදායික පන් කර්මාන්තය, සම්ප්‍රදායික හස්ත කර්මාන්තය යනාදී ග්‍රාමීය කර්මාන්ත රැසක් අරමුණු කරගෙන මෙම වැඩසටහන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සැලසුම් අංශය පවසයි.

Read more

Local News