වෝනර් වෙනුවට කුසල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට

53

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා එක් කර ගැනීමට එම තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අවධානය යොමු කර අැති බවට වාර්තා වේ.

එ් එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ඔස්ට්‍රේලියා ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර්ට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් කර අැති බැවිනි.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.