Falkland දූපත් ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදුකරන තෙල් ගවේෂණ කටයුතු නතර නොකළහොත්, එක්සත් රාජධානි රජයට එරෙහිව නීතිමය අභියෝගයක් ඉදිරිපත් කරන බව ආර්ජන්ටිනා ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. සමාජ මාධ්‍ය සටහනක් මගින් ජනාධිපති Javier Milei, ඊශ්‍රායල් සහ බ්‍රිතාන්‍ය සමාගම් එක්ව ක්‍රියාත්මක කරන Sea Lion තෙල් නිධි ව්‍යාපෘතිය නතර කිරීමට සති දෙකක කාලයක් ලබාදී තිබේ. එම සමාගම් පවසන්නේ බ්‍රිතාන්‍යය විසින් නිකුත් කළ වලංගු බලපත්‍ර යටතේ තමන් කටයුතු කරන බවයි.
මෙම දූපත් සමූහයේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් දෙරට අතර පවතින ආතතිය මෙම ප්‍රකාශය හේතුවෙන් තවදුරටත් ඉහළ ගොස් තිබේ.Milei පවසා ඇත්තේ සති දෙකක කාලසීමාව තුළ ව්‍යාපෘතිය නතර නොකළහොත්, “Sea Lion ව්‍යාපෘතිය හරහා අපගේ සම්පත් නීතිවිරෝධී ලෙස සූරාකෑමට” එරෙහිව එක්සත් රාජධානියට එරෙහිව ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස තම විදේශ අමාත්‍යාංශයට සහ නීති කණ්ඩායම්වලට උපදෙස් දී ඇති බවයි.
Share
Read more



