දඹුල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් – එකම පවුලේ සිවු දෙනෙකු මරුට

Share

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද (02දා) අලුයම 5.00ට පමණ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සිවු දෙනෙකු මියගොස් ඇති බව ගලේවෙල පොලීසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, මෙසේ අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා, දියණිය සහ පුත්‍රයෙකු බවයි.

කන්තලේ ප්‍රදේශයේ සිට අත්තනගල්ල ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ලොරි රථයේ රියදුරු සැකපිට ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News